"වකුගඩු අධ්‍යාපන පදනම" වකුගඩු රෝග පිලිබඳ ඉන්දියානු විශේෂඥ වෛද්‍ය සංජෙ පාණ්ඩියා විසින් ආරම්භ කරන ලද සෞඛ්‍ය සංවිධානයකී. එහි මෙහෙවර සියලු දේශසීමා හරහා වකුගඩු සත්කාරය ගැන විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීමයි. එය දැනට වකුගඩු රෝග නිවාරණය පිළිබඳ තොරතුරු පැතිරවීමට විවිධ භාෂා වලින් පොත් සහ වෙබ් අඩවි සකස් කිරීමෙහි නිරතව සිටී.
වකුගඩු රෝග ගැන සමාජය තුළ දැනුවත්බාවය ඉහල නැන්වීමට හා වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අය දැනුවත් කිරීමට මෙම අධ්‍යාපන වෙබ් අඩවි නිර්මාණය කොට ඇත. "වකුගඩු මඟ පෙන්වීම" විවිධ භාෂා වලින් සම්පූර්ණයෙන්ම නොමිලේ කියවා බාගත කිරීම සඳහා මෙම වෙබ් අඩවි ප්‍රවේශය ලබා දේ. භාවිතා කිරීමට පහසු හා සියලු ප්‍රධාන වකුගඩු රෝග ගැන පැහැදිලි තොරතුරු තනි වෙබ් අඩවියක පවතින නිසා, පාඨකයන්ට එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
"වකුගඩු අධ්‍යාපන පදනම" වෙනුවෙන් සේවය කරන කණ්ඩායම සමන්විත වන්නේ, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වකුගඩු රෝගීන්ට ආධාර කිරීමට හා සේවය කිරීමට කැමති ජනතාවගෙන්ය.